spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙම්වතා අතින් ඝාතනය වූ ‘චතුරි’ සියල්ල හඬවා අවසන් ගමන් යයි

කොළඹ තුරඟ තරග පිටියේ දී සරසවි පෙම්වතාගේ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව පෙරේදා (18) දහවල් ජීවිතක්ෂයට පත් වූ කොළඹ සරසවිය සිසුවියගේ අවසන් කටයුතු ඊයේ (19) පස්වරුවේ සිදු කෙරුණා.

ඒ, ඇය ජීවත් වූ හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයේ ගල්කන්ද පොදු සුසාන භූමියේ දීයි.

ආගමික වතාවත්වලින් අනතුරු භූමිදාන කටයුතු සිදු කළ අතර, ඇයගේ අවසන් කටයුතු වෙනුවෙන් මියගිය සිසුවිය අධ්‍යාපනය හැදෑරූ කොළඹ සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුන් ඥාතීන් ඇතුළු විශාල පිරිසක් ඒ සඳහා එක්ව සිටියා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි නැමැති මෙම සිසුවිය සිය පෙම්වතා විසින් ප්‍රේම සම්බන්ධයෙක් මුල්කරගෙන තියුණු ආයුධයකින් ගෙළ ප්‍රදේශයට පහර දී අමානුෂිකව ඝාතනය කර තිබුණා.

සිද්ධියට සම්බන්ධ සැකකාර පෙම්වතා එදිනම (18) පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔහු ඊයේ (19) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?