යුක්රේනයේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් ඇමතිවරයෙක් ඇතුලු 18ක් මරුට

යුක්‍රේනයේ කියෙව් ප්‍රදේශයේ පෙර පාසලක් ආසන්නයට හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු 16 දෙනෙකු ජීවිතක්ෂයට – විදෙස් මාධ්‍ය

කියෙව් අගනුවර නැගෙනහිර ප්‍රදේශයක ළදරු පාසලක් අසල හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඇතුළු 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මියගිය අය අතර කුඩා දරුවන් තිදෙනෙකු සිටින අතර තවත් 15 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය ඇමති ඩෙනිස් මොනස්ටිර්ස්කි තවත් අට දෙනෙකු සමඟ හෙලිකොප්ටරයේ ගමන් කරමින් සිට තිබෙනවා.

ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය ලේකම්වරයා ද මිය ගිය බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම හෙලිකොප්ටරය යුක්රේනයේ රාජ්‍ය හදිසි සේවයට අයත් එකක් බව සඳහන්.

Kyiv හි ප්‍රාදේශීය හමුදා පරිපාලනයේ ප්‍රධානී Oleksiy Kuleba පැවසුවේ මෙම අනතුරින් 29 දෙනෙකු තුවාල ලබා ඇති අතර 18 දෙනෙකු මිය ගිය බවයි.

අනතුරෙන් පසු ළදරු පාසල ආසන්නයේ ගින්නක් හටගත් අතර ළමුන් සහ කාර්ය මණ්ඩලය ගොඩනැගිල්ලෙන් ඉවත් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රදේශයේ දැඩි අඳුරක් සහ මීදුමක් පැවති අතර මූලික වාර්තා අනුව හෙලිකොප්ටරය කඩා වැටීමට පෙර ගොඩනැගිල්ලක ගැටී ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08