කොවිඩ් නීති ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් දැනුම්දීමක් – සංචාරක අමාත්‍යංශයෙනුත් පැහැදිළි කිරීමක්

සංචාරකයන් වෙනුවෙන් නිකුත් කරන ලද COVID-19 නව මාර්ගෝපදේශ සහ ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීම ජනවාරි 20 දක්වා කල් දැමූ බවට දන්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

COVID-19 මාර්ගෝපදේශ සහ ඊට අදාළ අනෙකුත් නීති රීති නිකුත් කිරීමේ බලතල ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඊයේ දිනයේ දිවයිනට පැමිණෙන සියලුම සංචාරකයින් සඳහා නිකුත් කරන ලද අදාළ නියෝග අවලංගු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.

සංචාරකයින් මෙරටට පැමිණීමේදී පැය 72 කට පෙර PCR පරීක්ෂණක් සිදුකර ගත යුතු බවට වන නීතියක් හෝ මාර්ගෝපදේශයක් පනවා නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා නොමැති කිසිදු ක්‍රමවේදයක් වලංගු නොවන බව ද ඔහු අවධාරණය කරනවා.

කොවිඩ් -19 රෝගය හා සම්බන්ධව දිවයිනට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 6 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛය තවදුරටත් වලංගු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 සම්බන්ධයෙන් වන ඕනෑම ප්‍රකාශයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබෙනවා.

සිය ප්‍රකාශය පිළිබඳ පැහැදිළි කිරීමක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර සවිස්තරාත්මක මාර්ගෝපදේශයක් ලබන සතියේ නිකුත් කරන බවයි.

සංචාරක අමාත්‍යංශය ඊයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව කොවිඩ් නීති හඳුන්වාදීමට කටයුතු ක රන අතර ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයන් කොවිඩ් මර්දන ඒනනත ලබාගත් කාඩ්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවයි.

එමෙන්ම කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් සංචාරකයන් මෙරටට පැමිණීමට පැය 72කට පෙර ලබාගත් පී. සී. ආර්. වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු බවටයි සඳහන් කෙරුණේ.

කෙසේවෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එය ප්‍රතික්ෂේප කරන අතර ඔහු සඳහන් කළේ සංචාරකයන් වෙනුවෙන් 2022 වසරේ දෙසැම්බර් මස නිකුත් කළ මාර්ගෝපදේශ තවදුරටත් ඒ ආකාරයෙන්ම පවතින බවයි.

Tourism1
Keheliya
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?