කොවිඩ් නීති ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් දැනුම්දීමක් – සංචාරක අමාත්‍යංශයෙනුත් පැහැදිළි කිරීමක්

සංචාරකයන් වෙනුවෙන් නිකුත් කරන ලද COVID-19 නව මාර්ගෝපදේශ සහ ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීම ජනවාරි 20 දක්වා කල් දැමූ බවට දන්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

COVID-19 මාර්ගෝපදේශ සහ ඊට අදාළ අනෙකුත් නීති රීති නිකුත් කිරීමේ බලතල ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඊයේ දිනයේ දිවයිනට පැමිණෙන සියලුම සංචාරකයින් සඳහා නිකුත් කරන ලද අදාළ නියෝග අවලංගු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.

සංචාරකයින් මෙරටට පැමිණීමේදී පැය 72 කට පෙර PCR පරීක්ෂණක් සිදුකර ගත යුතු බවට වන නීතියක් හෝ මාර්ගෝපදේශයක් පනවා නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා නොමැති කිසිදු ක්‍රමවේදයක් වලංගු නොවන බව ද ඔහු අවධාරණය කරනවා.

කොවිඩ් -19 රෝගය හා සම්බන්ධව දිවයිනට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 6 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛය තවදුරටත් වලංගු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 සම්බන්ධයෙන් වන ඕනෑම ප්‍රකාශයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබෙනවා.

සිය ප්‍රකාශය පිළිබඳ පැහැදිළි කිරීමක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර සවිස්තරාත්මක මාර්ගෝපදේශයක් ලබන සතියේ නිකුත් කරන බවයි.

සංචාරක අමාත්‍යංශය ඊයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව කොවිඩ් නීති හඳුන්වාදීමට කටයුතු ක රන අතර ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයන් කොවිඩ් මර්දන ඒනනත ලබාගත් කාඩ්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවයි.

එමෙන්ම කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් සංචාරකයන් මෙරටට පැමිණීමට පැය 72කට පෙර ලබාගත් පී. සී. ආර්. වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු බවටයි සඳහන් කෙරුණේ.

කෙසේවෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එය ප්‍රතික්ෂේප කරන අතර ඔහු සඳහන් කළේ සංචාරකයන් වෙනුවෙන් 2022 වසරේ දෙසැම්බර් මස නිකුත් කළ මාර්ගෝපදේශ තවදුරටත් ඒ ආකාරයෙන්ම පවතින බවයි.

Tourism1
Keheliya
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25