නීති විරෝධීව මුහුදෙන් විදෙස් රටකට ගිය 46ක් පිටුවහල් කෙරේ

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රීලාංකිකයන් 46 දෙනෙකු නැවතත් ගුවන් මගින් මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කර තිබෙනවා.

2022 වසරේ දෙසැම්බර් මස 02 වන දින මීගමුව ප්‍රදේශයෙන් බහුදින ධීවර යාත්‍රාවක් මඟින් පිටත්ව ගොස් නීති විරෝධීව රී-යූනියන් දූපතට සංක්‍රමණය වීමට උත්සාහ කල මෙම පිරිසට බහුදින ධීවර යාත්‍රාවේ කාර්යය මණ්ඩලය සමඟ පිරිමි පුද්ගලයන් 43ක්, කාන්තාවන් දෙදෙනෙක් හා එක් පිරිමි ළමයෙකු ඇතුළු පුද්ගලයන් 46 දෙනෙකු වනවා.

ඔවුන් දෙසැම්බර් මස 24 වන දින රී-යූනියන් දූපතට ඇතුළු වීමේදී අත්අඩංගුවට පත්වී ඇතැයි සඳහන්.

මෙම පිරිස යාපනය, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම, මඩකලපුව, හලාවත සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 13ත් 53 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් බවටයි අනාවරණය වී ඇත්තේ.

ඊයේ (13) ගුවන් මඟින් මෙරටට පිටුවහල් කරන ලද මෙම ශ්‍රී ලාංකිකයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ මෙම ජාවාරම මෙහෙයවූ දෙහිවල ප්‍රදේශයේ ජාවාරම්කරුවන් විසින් එක් පුද්ගලයෙකු‍ ගෙන් රුපියල් 200,000 සිට රුපියල් 4,500,000දක්වා මුදලක් අයකර ඇති බවට අනාවරණය වී ඇති බවයි.

මිනිසුන් රවටා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ජාවාරම්කරුවන් විසින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම්වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර මුදල් නැති නාස්ති කරගැනීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනවා.

එමෙන්ම මෙවැනි අනවසර සංක්‍රමණිකයන් රී-යූනියන් දූපත වෙත ඇතුල් කරගැනීම සඳහා ප්‍රංශ රජයෙන් කිසිදු අනුග්‍රහයක් හිමි නොවන අතර, ඔවුන් අත් අඩංගුවට ගෙන වහාම නැවතත් මෙරටට පිටුවහල් කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?