නීති විරෝධීව මුහුදෙන් විදෙස් රටකට ගිය 46ක් පිටුවහල් කෙරේ

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රීලාංකිකයන් 46 දෙනෙකු නැවතත් ගුවන් මගින් මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කර තිබෙනවා.

2022 වසරේ දෙසැම්බර් මස 02 වන දින මීගමුව ප්‍රදේශයෙන් බහුදින ධීවර යාත්‍රාවක් මඟින් පිටත්ව ගොස් නීති විරෝධීව රී-යූනියන් දූපතට සංක්‍රමණය වීමට උත්සාහ කල මෙම පිරිසට බහුදින ධීවර යාත්‍රාවේ කාර්යය මණ්ඩලය සමඟ පිරිමි පුද්ගලයන් 43ක්, කාන්තාවන් දෙදෙනෙක් හා එක් පිරිමි ළමයෙකු ඇතුළු පුද්ගලයන් 46 දෙනෙකු වනවා.

ඔවුන් දෙසැම්බර් මස 24 වන දින රී-යූනියන් දූපතට ඇතුළු වීමේදී අත්අඩංගුවට පත්වී ඇතැයි සඳහන්.

මෙම පිරිස යාපනය, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම, මඩකලපුව, හලාවත සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 13ත් 53 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් බවටයි අනාවරණය වී ඇත්තේ.

ඊයේ (13) ගුවන් මඟින් මෙරටට පිටුවහල් කරන ලද මෙම ශ්‍රී ලාංකිකයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ මෙම ජාවාරම මෙහෙයවූ දෙහිවල ප්‍රදේශයේ ජාවාරම්කරුවන් විසින් එක් පුද්ගලයෙකු‍ ගෙන් රුපියල් 200,000 සිට රුපියල් 4,500,000දක්වා මුදලක් අයකර ඇති බවට අනාවරණය වී ඇති බවයි.

මිනිසුන් රවටා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ජාවාරම්කරුවන් විසින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම්වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර මුදල් නැති නාස්ති කරගැනීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනවා.

එමෙන්ම මෙවැනි අනවසර සංක්‍රමණිකයන් රී-යූනියන් දූපත වෙත ඇතුල් කරගැනීම සඳහා ප්‍රංශ රජයෙන් කිසිදු අනුග්‍රහයක් හිමි නොවන අතර, ඔවුන් අත් අඩංගුවට ගෙන වහාම නැවතත් මෙරටට පිටුවහල් කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15