මැතිවරණයට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි කොමිසම අධිකරණයට දන්වයි

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර මේ දක්වා ගෙන තිබෙන බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර් විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී යි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේ.

මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරෛ රාජා සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව සංශෝධිත පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලා සිටි අතර ඒ අනුව සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කරුට අවසර ලබාදුන් ශේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 18 වනදා කැඳවන ලෙස නියම කළා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටිමක් නොකරන බව දන්වා ඇති බවයි.

ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන්ට පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියා.

මේ අතර අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ නීතිඥ සුනිල් වටගල, එරංග ගුණසේකර, පැෆරල් සංවිධානය ඇතුළු පාර්ශව කීපයක් වෙනුවෙන් ද නීතිඥවරු පෙනී සිට තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටියේ වර්තමානයේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් මෙම අවස්ථාවේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම නුසුදුසු බවයි.

එබැවින් එම මැතිවරණය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21