වන අලි ගැටී දුම්රියක් පීලි පනී

හබරණ ප්‍රදේශයේදී අද (13) අලුයම දුම්රියක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් තවත් වන අලි දෙදෙනෙකු ද බරපතල තුවාල ලබා ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මෙම අනතුරින් පසු හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී දුම්රිය පීලි පැන ඇති අතර මියගිය අලියා වයස අවුරුදු 20ක පමණ අයෙකු බවට අනුමාන කරන බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළා.

දුම්රියේ පිටුපස එන්ජිමේ සිරවීමෙන් අලියා මියගොස් ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මෙම වන අලි ගැටී ඇත්තේ මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු පුලතිසි නගරාන්තර දුම්රියේ යි.

දුම්රිය පීළි පැනිම හේතුවෙන් මඩකලපුව ත්‍රිකුණාමල දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.

අලින්ගේ පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීම සදහා වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පිහිටි වනජීවී පශු වෛද්‍ය ඒකකයට දැනුම් දි තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16