spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන අලි ගැටී දුම්රියක් පීලි පනී

හබරණ ප්‍රදේශයේදී අද (13) අලුයම දුම්රියක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් තවත් වන අලි දෙදෙනෙකු ද බරපතල තුවාල ලබා ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මෙම අනතුරින් පසු හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී දුම්රිය පීලි පැන ඇති අතර මියගිය අලියා වයස අවුරුදු 20ක පමණ අයෙකු බවට අනුමාන කරන බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළා.

දුම්රියේ පිටුපස එන්ජිමේ සිරවීමෙන් අලියා මියගොස් ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මෙම වන අලි ගැටී ඇත්තේ මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු පුලතිසි නගරාන්තර දුම්රියේ යි.

දුම්රිය පීළි පැනිම හේතුවෙන් මඩකලපුව ත්‍රිකුණාමල දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.

අලින්ගේ පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීම සදහා වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පිහිටි වනජීවී පශු වෛද්‍ය ඒකකයට දැනුම් දි තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?