ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුනපා ඇති ගැටලු පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ අවධානය

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවකගේ සභාපතිත්වයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙම කාරක සභාව සඳහා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන පාර්ශ්ව කිහිපයකම නියෝජිතයින් සහභාගී වූ අතර මේ වන විට එම ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ ඒ ඒ පාර්ශ්ව වල අදහස් ලබාගැනීම සිදු වී තිබෙනවා.

මෙහිදී පැමිණ සිටි නියෝජිතයින් පෙන්වා දුන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ සෘජු රැකියාවල නියුතුවන්නන් 650000ක් පමණ හා වක්‍ර රැකියාවල නියුතුවන්නන් ආසන්න වශයෙන් 700000ක් පමණ සිටින බවයි.

නමුත් වර්තමානය වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීමකට ලක් වී ඇති බවත් මේ නිසා මෙම රැකියාලාභීන් අර්බුදයකට මුහුණපා ඇති බවත් ඔවුහු පෙන්වා දෙනු ලැබුවා.

එසේම දැනට ඉදිකොට ඇති මහල් නිවාස සහ කාර්යාල වැනි ඉදිකිරීම් අළෙවි කර ගැනීමට අපහසු තත්ත්වයක් ඇති වී තිබෙන බවද මෙම පාර්ශ්ව පැවසූහ. තවද මේ වන විට ඉදිකොට ඇති ඉදිකිරීම්වලින් කොටසක් සඳහා රජය විසින් ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් බැංකු ණය ගෙවාගැනීමට අපහසු වූ විශාල පිරිසක් සිටින බවද පැමිණ සිටි පාර්ශ්ව පෙන්වා දී තිබෙනවා.

එසේම ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ පුද්ගලයින් රට හැරයාමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවද මෙහිදී අනාවරණය වුණා.

මෙහිදී අදහස් දැක්වූ අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ මෙම ගැටලු සඳහා මුදල් අවශ්‍ය වන විසදුම්, මුදල් අවශ්‍ය නොවන විසදුම් සහ නීතිමය විසදුම් වෙන වෙනම හඳුනාගෙන වෙන වෙනම ක්‍රියාත්මක නොවුනහොත් රටේ ඉංජිනේරැ ක්ෂේත්‍රය විශාල බිඳ වැටීමකට ලක්වන බවයි.

මේ නිසා කඩිනමින් මේ පිළිබඳ වූ යෝජනාවන් පාර්ලිමේන්තුවට සහ රජයට ඉදිරිපත්කිරීමට බලාපොරෝත්තු වන බව ද ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආන්දෝලනය තුඩුදුන් දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද අරඹයි - පොලිසියෙන් 650ක්, STF නිලධාරින් 100ක්
01:25
Video thumbnail
පූගොඩ නව අධිකරණ සංකීර්ණය අධිකරණ ඇමතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අයුරු
03:44
Video thumbnail
අධිකරණ ඇමතිගේ කටින් පැන්න දේ..ඉස්සරහට මම ඇමතිකමේ හිටියත් නැතත් මේක ක්‍රමවත්ව ගෙනයන්න
12:42
Video thumbnail
ඇමති වටගලට පොතේ හැටියට වැඩේ කියලා දීපු DV
01:47
Video thumbnail
වාචාලකමේ සීමාවක් තියාගන්න ඔයා - නාමල් කිව්ව දේට වටගලට යකා නගියි
01:27
Video thumbnail
ඊයේ සාකච්ඡාව ගැන නාමල් සැරටම කිව්ව දේ - එදා අනුර හිටියේ..දැන් මං ඇවිල්ලා..අනුර නෑ
02:32
Video thumbnail
සජිත් ප්‍රේමදාස සහ නීතීඥ සංගමයේ සභාපතිට රටම කැළඹෙන චෝදනාවක් ආණ්ඩුවෙන් එල්ල කරයි..
00:32
Video thumbnail
සජිත් ප්‍රේමදාස සහ වටගල ගැටෙයි...
02:23
Video thumbnail
ඇමති වටගලට තද වෙයි.. නාමල් රාජපක්ෂට හොඳවයින් අමතයි...
00:58
Video thumbnail
අධිකරණ ඇමතිට නාමල් රිදෙන්නම දෙයි - විවාදය යනවා ඇමතිතුමා මල් කඩවනද ?
05:58