තරුණයාට ජීවිතය එපා කරවූ හේතුව එළියට

මාතර කාලිදාස පාර දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී දුම්රියට ගෙල තබා සියදිවි හානිකරගෙන ඇත්තේ සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ ඔහු මෙලෙස දිවි හානිකරගෙන තිබුණේ මහනුවර සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියට ගෙල තැබීමෙන්.

ඔහු සූරියවැව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක් වන අතර විදෙස් රැකියාවක නිරතවී සිට පසුගිය දිනවල යළිත් මෙරටට පැමිණි අයෙක් බව සඳහන්.

පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම තරුණයාගේ පියා අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර මහ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර සිදු කරමින් සිටින බවයි.

එම හේතුවත් සමග මතුව ඇති ආර්ථික දුෂ්කරතා මත ඇති වූ සිත් තැවුලෙන් ඔහු සිය දිවි හානිකරගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ.

මාතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ඥාතීන්ට භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14