spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරුණයාට ජීවිතය එපා කරවූ හේතුව එළියට

මාතර කාලිදාස පාර දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී දුම්රියට ගෙල තබා සියදිවි හානිකරගෙන ඇත්තේ සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ ඔහු මෙලෙස දිවි හානිකරගෙන තිබුණේ මහනුවර සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියට ගෙල තැබීමෙන්.

ඔහු සූරියවැව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක් වන අතර විදෙස් රැකියාවක නිරතවී සිට පසුගිය දිනවල යළිත් මෙරටට පැමිණි අයෙක් බව සඳහන්.

පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම තරුණයාගේ පියා අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර මහ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර සිදු කරමින් සිටින බවයි.

එම හේතුවත් සමග මතුව ඇති ආර්ථික දුෂ්කරතා මත ඇති වූ සිත් තැවුලෙන් ඔහු සිය දිවි හානිකරගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ.

මාතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ඥාතීන්ට භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?