අලුත උපන් කිරිකැටියා මරා වැසිකිළි වළක සඟවලා

අලුත උපන් බිළිඳිය ඝාතනය කර එම සිරුර මල්ලක දමා නිවසේ පිහිටි වැසිකිළි වළක සැඟ වූ බව කියන කාන්තාවක් පසුගිය 05 වනදා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තෙරිපැහැ පොලිසිය විසින් වෑකුඹුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අදාළ කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

උදරයේ වේදනාවක් ඇති බව දන්වමින් අදාළ කාන්තාව පසුගිය දා තෙරිපැහැ රජයේ රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිට තිබෙනවා.

රෝහල් ගතව ප්‍රථිකාර ලබමින් සිටි මෙම කාන්තාව රෝහලෙන් පලා ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයාට ඇති වූ සැකයක් මත ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට ඇය පිළිබඳව සොයා බැලීමක් සිදුකරන ලෙස දන්වා ඇති බව සඳහන්.

පවුල් සෞඛ්‍ය නිලධාරිනිය අදාළ කාන්තාවගේ නිවසට ගොස් සිදුකර ලද සොයා බැලීමේ දී මේ බව අනාවරණය වී ඇති අතර, පසුව මල්ලක් තුළට දමා වැසිකිළි වළේ සඟවා තිබූ බිළිඳු මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පසුව ඒ පිළිබඳව රෝහල් වෛද්‍යවරයාට සහ පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ කාන්තාව වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර, සැකකාරිය මේ වනවිට බන්ධනාගාර රෝහලේ ප්‍රථිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?