අලුත උපන් කිරිකැටියා මරා වැසිකිළි වළක සඟවලා

අලුත උපන් බිළිඳිය ඝාතනය කර එම සිරුර මල්ලක දමා නිවසේ පිහිටි වැසිකිළි වළක සැඟ වූ බව කියන කාන්තාවක් පසුගිය 05 වනදා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තෙරිපැහැ පොලිසිය විසින් වෑකුඹුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අදාළ කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

උදරයේ වේදනාවක් ඇති බව දන්වමින් අදාළ කාන්තාව පසුගිය දා තෙරිපැහැ රජයේ රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිට තිබෙනවා.

රෝහල් ගතව ප්‍රථිකාර ලබමින් සිටි මෙම කාන්තාව රෝහලෙන් පලා ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයාට ඇති වූ සැකයක් මත ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට ඇය පිළිබඳව සොයා බැලීමක් සිදුකරන ලෙස දන්වා ඇති බව සඳහන්.

පවුල් සෞඛ්‍ය නිලධාරිනිය අදාළ කාන්තාවගේ නිවසට ගොස් සිදුකර ලද සොයා බැලීමේ දී මේ බව අනාවරණය වී ඇති අතර, පසුව මල්ලක් තුළට දමා වැසිකිළි වළේ සඟවා තිබූ බිළිඳු මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පසුව ඒ පිළිබඳව රෝහල් වෛද්‍යවරයාට සහ පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ කාන්තාව වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර, සැකකාරිය මේ වනවිට බන්ධනාගාර රෝහලේ ප්‍රථිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14