රාජකාරි නිමවී කඳවුරට යමින් සිටි නාවික හමුදා සෙබලාට වන අලි ප්‍රහාරයක්

මන්නාරම සිලාවතුර පොලිස් බල ප්‍රදේශයේ මුල්ලිකුලම් නාවික හමුදා කඳවුරේ සේවයේ නිරත සෙබලෙකු ඊයේ (03) සවස වනඅලියෙකු පහරදීමෙන් මිය ගොස් තිබෙනවා.

නාවික සෙබලා ඉංජිනේරු කාර්මික අංශයේ සේවයේ නිරත වන අතර ඊයේ සවස කඳවුර ආසන්නයේ කිසියම් ගොඩනැගිල්ලක කාර්මික කටයුත්තක නිරතවී සවස ආපසු පාගමනින් කඳවුර දෙසට ගමන් කරන අතරවාරයේදී යි අසල රක්ෂිතයක සිට එකවරම දිව ආ වන අලියෙකු පහරදී ඇත්තේ.

වන අලියා පහරදීමෙන් බරපතල තුවාල ලැබූ නාවික සෙබලා රෝහලට රැගෙන යන අතරවාරයේ මියගොස් ඇතැයි සඳහන්.

මෙලෙස වනඅලි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ වයඹ විධානයට අයත් මුල්ලිකුලම් නාවික කඳවුරේ සේවය කරන පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි නිලධාරියෙක්.

මළ සිරුර මේ වනවිට මන්නාරම රෝහල මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙත සිරුර භාරදීමට නියමිතයි.

සිලාවතුර පොලිසිය නාවික සෙබලාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35