spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජකාරි නිමවී කඳවුරට යමින් සිටි නාවික හමුදා සෙබලාට වන අලි ප්‍රහාරයක්

මන්නාරම සිලාවතුර පොලිස් බල ප්‍රදේශයේ මුල්ලිකුලම් නාවික හමුදා කඳවුරේ සේවයේ නිරත සෙබලෙකු ඊයේ (03) සවස වනඅලියෙකු පහරදීමෙන් මිය ගොස් තිබෙනවා.

නාවික සෙබලා ඉංජිනේරු කාර්මික අංශයේ සේවයේ නිරත වන අතර ඊයේ සවස කඳවුර ආසන්නයේ කිසියම් ගොඩනැගිල්ලක කාර්මික කටයුත්තක නිරතවී සවස ආපසු පාගමනින් කඳවුර දෙසට ගමන් කරන අතරවාරයේදී යි අසල රක්ෂිතයක සිට එකවරම දිව ආ වන අලියෙකු පහරදී ඇත්තේ.

වන අලියා පහරදීමෙන් බරපතල තුවාල ලැබූ නාවික සෙබලා රෝහලට රැගෙන යන අතරවාරයේ මියගොස් ඇතැයි සඳහන්.

මෙලෙස වනඅලි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ වයඹ විධානයට අයත් මුල්ලිකුලම් නාවික කඳවුරේ සේවය කරන පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි නිලධාරියෙක්.

මළ සිරුර මේ වනවිට මන්නාරම රෝහල මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙත සිරුර භාරදීමට නියමිතයි.

සිලාවතුර පොලිසිය නාවික සෙබලාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?