පේරාදෙණියේ හිටපු උපකුලපතිට පහරදුන් සිසුන් යළි රිමාන්ඩ්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු පවුලේ සාමාජිකයන්ට පහර දී නිල නිවසට අලාභහානි සිදු කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සරසවි සිසුන් 13 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් ලබන 18 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ සිසු පිරිස අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ ද වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමයේ වත්මන් සභාපති චමෝත් සත්සර සිසුවා ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා හිටපු සභාපති යන දෙදෙනා ගේ ශිෂ්‍යභාවය පසුගිය 27 දින තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ඊට දින දෙකකට පසුවයි හිටපු සභාපතිවරයා මහනුවර අධිකරණ සංකීර්ණය ආසන්නයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත්, නිල නිවසටත් පහර දීම සම්බන්ධයෙන් සී.සී.ටී.වී දර්ශන ඔස්සේ හඳුනා ගත් සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය පසුගිය 13 දින විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අත්හිටුවීමෙන් පසු එම සිසුන් පේරාදෙණිය පොලීසියට භාර වුණා.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම සිසුන් පසුගිය 22 වැනි දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර එහි දී හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් සිසුන් 06 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

යළිත් සිසුන් සියලු දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර අද නඩුව කැඳවන ලද අවස්ථාවේ සිසුන් වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරු හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී හඳුනා නොගත් සිසුන්ට හෝ ඇප ලබාදෙන ලෙසටයි ඉල්ලීමක් කළේ.

කෙසේවෙතත් පොදු දේපොළ පනත යටතේ සැකකරුවන්ට එරෙහිව කරුණු වාර්තා කර තිබීමත් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසන්ව නොමැති නිසාත් සිසුන්ට ඇප ලබාදීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?