රිය අනතුරකට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයාගේ තත්ත්වය ගැන අනාවරණයක්

රිය අනතුරකට ලක්වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

රිෂාබ් පාන්ට්, උත්තරාකාන්ද් ප්‍රාන්තයේ හරිද්වාර් ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්වූ අතර ගිනි ගැනීමට ලක්වූ මෝටර් රථයේ ජනේලය බිඳීමෙනුයි ඔහු පිටතට පැමිණ තිබුණේ.

පසුව ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණා.

අද පැවති ඝන මීදුම මධ්‍යයේ අලුයම 5.30 ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරෙන් පසු මෝටර් රථය ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් ක්‍රිකට් ක්‍රීඩකයාගේ දකුණු පාදයට සහ හිසට තුවාල සිදුවී ඇති අතර ඔහු ප්‍රථමයෙන් ඇතුලත් කෙරුණේ ප්‍රාදේශීය රෝහලකටයි.

ඔහු මෝටර් රථයේ ගමන් කර ඇත්තේ තනිවම වන අතර දිල්ලි සිට හරිද්වාර් හි පිහිටි ඔහුගේ නිවසට පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව තිබෙනවා.

උත්තරාකාන්ද් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ද ක්‍රිකට් ක්‍රීඩකයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතර ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රාන්ත රජය වියදම් දරන බවයි ප්‍රකාශ කළේ.

මේ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ද මෙම අනතුර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රිෂාබ්ගේ නළලේ කැපුම් දෙකක්, දකුණු දණහිසේ බිඳීමක් ඇති අතර දකුණු අතේ මැණික් කටුව, වළලුකරය සහ පාදය තුවාල වී ඇති බවයි එමගින් ප්‍රකාශ කර ඇත්තේ.

රිෂාබ්ගේ තත්ත්වය ස්ථාවරව පවතින අතර, ඔහු ප්‍රධාන රෝහලක් වෙත මාරු කර යවා MRI පරීක්ෂණයකට භාජනය කර තුවාලවල තත්වය දැන ගැනීමට සහ වැඩිදුර ප්‍රතිකාර සිදු කිරීමට නියමිත බව එහි සඳහන්.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය රිෂාබ්ගේ පවුලේ සාමාජිකයන් සමඟ නිරන්තර සම්බන්ධකම් පවත්වන අතර ක්‍රීඩකයාට හැකි උපරිම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සහ ඔහුට මෙම තත්වයෙන් සුවකර ගැනීමට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේ.

MEDIA ADVISORY

December 30, 2022

Media Statement – Rishabh Pant

India wicket-keeper Rishabh Pant met with a car accident early on Friday morning near Roorkee, Uttarakhand. He was admitted to Saksham Hospital Multispecialty and Trauma Centre where he was treated for impact injuries.

Rishabh has two cuts on his forehead, a ligament tear in his right knee and has also hurt his right wrist, ankle, toe and has suffered abrasion injuries on his back. Rishabh’s condition remains stable, and he has now been shifted to Max Hospital, Dehradun, where he will undergo MRI scans to ascertain the extent of his injuries and formulate his further course of treatment.

The BCCI is in constant touch with Rishabh’s family while the Medical Team is in close contact with the doctors currently treating Rishabh. The Board will see to it that Rishabh receives the best possible medical care and gets all the support he needs to come out of this traumatic phase.

JAY SHAH

Honorary Secretary

BCCI

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?