කැනඩාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ ජාවාරමක් කොටුවෙයි

ඩුබායි රාජ්‍යයේ අගමැති කාර්යාලයේ සේවය කරන බවට පවසමින් බ්‍රසීලය හරහා කැනඩාවට යවන බවට පොරොන්දුවී රුපියල් ලක්‍ෂ 305කට අධික මුදලක් වංචා කළ බව කියන ඩුබායිහි සිටින මහා පරිමාණ මුදල් වංචාකරුවෙකුගේ මෙරට නියෝජිතයා ජනවාරි මස 12 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ දුනගහ ඉඳුරාගාර පදිංචි වික්‍රමසිංහ ආරච්චිලාගේ නිලුපුල් සත්සර ලංකා වික්‍රමසිහ නමැති 29 හැවිරිදි සැකකරුවෙක්.

මෙම වංචාවට හසුවූ බඩල්ගම, උස්වැටකෙයියාව, මුන්න්ක්කරය සහ මිමීගමුව ප්‍රදේශවල පුද්ගලයන් 7දෙනෙකු විසින් සිදු කළ පැමිණිලිවලට අදාළව සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ.

වංචාවට හසුවූ පුද්ගලයන් සිදුකර ඇති පැමිණිල්ලට අනුව රක්‍ෂිත බන්ධනාගාර ගත කළ සැකකරු ඩුබායිහි සිටින ශ්‍රී ලාංකිකයෙකු හඳුන්වා දී ඇති අතර ඔහු ඩුබායි අගමැති කාර්යාලයේ සේවය කරන අතර තමාට ඇති ඇති සම්බන්ධතා මත කැනඩාවේ රැකියා ලබාගත හැකි බව ප්‍රකාශ කර තිබෙනවා.

ඩුබායිහි සිටින සැකකරු ඉන්පසු  කැනඩාවේ රැකියා අපේක්ෂිතයන් සමග වට්ස්ඇප්, කෙටි පණිවිඩ සහ දුරකථයෙන් සමබන්ධ වෙමින් පළමුව ඩුබායි වෙතත් ඉන්පසුව බ්‍රසීලය හරහා  කැනඩාවටත් මාස දෙකකට පසුව රැකියා විසා ලබාදෙන බවට පොරොන්දු දෙමින් වරින්වර ලබාදෙන විවිධ පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් බැරකරවාගෙන ඇති බව ද හෙළිවී තිබෙනවා.

මෙම වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.

මීගමුව කොට්ඨාශයේ වංචා විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42