spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැනඩාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ ජාවාරමක් කොටුවෙයි

ඩුබායි රාජ්‍යයේ අගමැති කාර්යාලයේ සේවය කරන බවට පවසමින් බ්‍රසීලය හරහා කැනඩාවට යවන බවට පොරොන්දුවී රුපියල් ලක්‍ෂ 305කට අධික මුදලක් වංචා කළ බව කියන ඩුබායිහි සිටින මහා පරිමාණ මුදල් වංචාකරුවෙකුගේ මෙරට නියෝජිතයා ජනවාරි මස 12 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ දුනගහ ඉඳුරාගාර පදිංචි වික්‍රමසිංහ ආරච්චිලාගේ නිලුපුල් සත්සර ලංකා වික්‍රමසිහ නමැති 29 හැවිරිදි සැකකරුවෙක්.

මෙම වංචාවට හසුවූ බඩල්ගම, උස්වැටකෙයියාව, මුන්න්ක්කරය සහ මිමීගමුව ප්‍රදේශවල පුද්ගලයන් 7දෙනෙකු විසින් සිදු කළ පැමිණිලිවලට අදාළව සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ.

වංචාවට හසුවූ පුද්ගලයන් සිදුකර ඇති පැමිණිල්ලට අනුව රක්‍ෂිත බන්ධනාගාර ගත කළ සැකකරු ඩුබායිහි සිටින ශ්‍රී ලාංකිකයෙකු හඳුන්වා දී ඇති අතර ඔහු ඩුබායි අගමැති කාර්යාලයේ සේවය කරන අතර තමාට ඇති ඇති සම්බන්ධතා මත කැනඩාවේ රැකියා ලබාගත හැකි බව ප්‍රකාශ කර තිබෙනවා.

ඩුබායිහි සිටින සැකකරු ඉන්පසු  කැනඩාවේ රැකියා අපේක්ෂිතයන් සමග වට්ස්ඇප්, කෙටි පණිවිඩ සහ දුරකථයෙන් සමබන්ධ වෙමින් පළමුව ඩුබායි වෙතත් ඉන්පසුව බ්‍රසීලය හරහා  කැනඩාවටත් මාස දෙකකට පසුව රැකියා විසා ලබාදෙන බවට පොරොන්දු දෙමින් වරින්වර ලබාදෙන විවිධ පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් බැරකරවාගෙන ඇති බව ද හෙළිවී තිබෙනවා.

මෙම වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.

මීගමුව කොට්ඨාශයේ වංචා විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?