AFC Banner
Empty Ad
Empty Ad

බනිස් ගන්න ගිය දරුවා ඔසවා පොළොවේ ගැසූ සැකකරු රිමාන්ඩ්

බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා කෙටි කෑම අලෙවි කරන ජංගම රථයක් (චූන් පාන්) අසලට ගිය වයස අවුරුදු හතර හමාරක කුඩා දරුවකු බීමත් පුද්ගලයකු විසින් ඔසවා පොලොවේ ගැසීමෙන් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූ මෙම මෙම දරුවා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වෛද්‍යවරුන් දඹුල්ල රෝහල් පොලීසියට කළ දැනුම් දීමකට අනුව කළ පරීක්ෂණයකදීයි සිද්ධියට සම්බන්ධ 44 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මව සහ පියා මෙන්ම සීයා සමග කණ්ඩලම ප්‍රදේශයේ නිවසේ රැඳී සිටියදී චූන් පාන් රථයක හඬ ඇසී මෙම කුඩා දරුවා තම සීයාගෙන් මුදල් ඉල්ලාගෙන බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා මාර්ගය අසලට දිව ගොස් තිබෙනවා.

එම ස්ථානයේ බීමතින් සිටි අයකු මෙම කුඩා දරුවාට බැන වැදී පාන් ගැනීමට මුදල් කොහේ දැයි විමසා එකවරම ඔසවා පොළොවේ ගසා ඇති බවටයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.

සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරී‍මෙන් පසු ලබන 9 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම සැකකරු කණ්ඩලම කැප්පැල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම් .පී .අජිත් වර්ණසූරිය නොහොත් සමන්ත නමැති පුද්ගලයකු බව පොලීසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?