බනිස් ගන්න ගිය දරුවා ඔසවා පොළොවේ ගැසූ සැකකරු රිමාන්ඩ්

බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා කෙටි කෑම අලෙවි කරන ජංගම රථයක් (චූන් පාන්) අසලට ගිය වයස අවුරුදු හතර හමාරක කුඩා දරුවකු බීමත් පුද්ගලයකු විසින් ඔසවා පොලොවේ ගැසීමෙන් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූ මෙම මෙම දරුවා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වෛද්‍යවරුන් දඹුල්ල රෝහල් පොලීසියට කළ දැනුම් දීමකට අනුව කළ පරීක්ෂණයකදීයි සිද්ධියට සම්බන්ධ 44 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මව සහ පියා මෙන්ම සීයා සමග කණ්ඩලම ප්‍රදේශයේ නිවසේ රැඳී සිටියදී චූන් පාන් රථයක හඬ ඇසී මෙම කුඩා දරුවා තම සීයාගෙන් මුදල් ඉල්ලාගෙන බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා මාර්ගය අසලට දිව ගොස් තිබෙනවා.

එම ස්ථානයේ බීමතින් සිටි අයකු මෙම කුඩා දරුවාට බැන වැදී පාන් ගැනීමට මුදල් කොහේ දැයි විමසා එකවරම ඔසවා පොළොවේ ගසා ඇති බවටයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.

සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරී‍මෙන් පසු ලබන 9 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම සැකකරු කණ්ඩලම කැප්පැල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම් .පී .අජිත් වර්ණසූරිය නොහොත් සමන්ත නමැති පුද්ගලයකු බව පොලීසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14