Empty Ad
AFC Banner
Empty Ad

චීනයේ රැකියා අර්බුදයක් – වයස අවුරුදු 16 ත් 24 ත්  අතර මිලියන 20කට රැකියා නැහැ

දශක හතරකට වැඩි කාලයක් තුළ තරුණයින් සඳහා දරුණුතම රැකියා අර්බුදයට  චීනය මේ වනවිට  මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ නිල සංඛ්‍යාලේඛන මත පදනම්ව CNN පුවත් සේවය කළ ගණනය කිරීම් අනුව පෙනී යන්නේ චීනයේ නගර ආශ්‍රිත රැකියාවල නිරත වූ වයස අවුරුදු 16 සිට 24 දක්වා වන පුද්ගලයින් මිලියන 20 ක් පමණ  රැකියාවෙන් ඉවත්ව සිටින බවයි. නිල දත්ත අනුව නාගරික තරුණ ජනගහනය මිලියන 107ක් වන අතර ඊට ග්‍රාමීය විරැකියාවට අදාල දත්ත ඇතුළත්ව නැහැ .

හොංකොං පෝස්ට් උපුටා දක්වන පරිදි වොෂින්ටන්හි ජේම්ස්ටවුන් පදනමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන විලී ලැම් ප්‍රකාශ කර ඇත්තේ මෙම මහා විරැකියාව කොමියුනිස්ට් පක්ෂයට විශාල අභියෝගයක් බවයි.

ද හොංකොං පෝස්ට් පුවත්පතට අනුව, චීනයේ තරුණ විරැකියා අනුපාතය මේ වසරේ ඉහළ මට්ටමකට ළඟා වී ඇති අතර මාර්තු මාසයේදී සියයට 15.3ක් වූ එම අගය අප්‍රේල් මාසයේදී වාර්තාගත ලෙස  සියයට 18.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන්පසු   මාස කිහිපය තුළ එම අගය ඉහළ  ගියේ සියයට 19.9 දක්වායි.

කෙසේ වෙතත් මෙම අනුපාතය අගෝස්තු මාසයේදී සියයට 18.7 දක්වා සුළු වශයෙන් පහත වැටී තිබුණා.

ලොව විශාලතම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයෙකු වන Xiaomi චීන ස්මාර්ට්ෆෝන් සමාගම කොවිඩ් 19 අගුලු දැමීම් මධ්‍යයේ සිය ශ්‍රම බලකායෙන් 15%ක් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

චීනයේ ක්‍රියාත්මක වන මෙවැනි ඉහළ පෙළේ සමාගම් තම සේවකයන් දොට්ට දැමීම එරට ආර්ථිකයේ පසුබෑමකට ද හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

Xiaomi ප්‍රකාශකයෙකු CNN පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබුණේ සිය සමාගම සාමාන්‍ය අයුරින් සිදු කරනු ලබන පිරිස් ප්‍රශස්තකරණය සහ සංවිධානාත්මක විධිමත් කිරීම සිදු කළ බවයි.

මෙම පියවර සමාගමේ ශ්‍රම බලකායෙන් සියයට 10කටත් වඩා අඩු ප්‍රමාණයකට බලපා ඇති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, චීන රාජ්‍ය මාධ්‍ය ආයතන වාර්තා කර ඇත්තේ Xiaomi  රැකියා දහස් ගණනක් කපා හරිනු ඇති බවයි.
හොංකොං පෝස්ට් පුවත්පත වාර්තා කරන්නේ මූල්‍ය ලේඛනවලට අනුව, Xiaomi 2022 වසරේ  පළමු මාස ​​නවය තුළ එහි ශ්‍රම බලකාය 1,900 කින් පමණ අඩු කර ඇති බවයි.

චීනයේ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියට අනුව ඇතිකළ  සීමාවන්ගේ අහිතකර බලපෑම් හේතුවෙන් සමාගමේ ආදායම සියයට 10 කට වඩා පහත වැටීම මීට හේතුව බවද වාර්තා වනවා.

ලබන වසරේදි මිලියන 11.6ක  උපාධිධාරීන් රැකියා වෙළඳපොළට පිවිසීමත් සමග  චිනයේ මෙම විරැකියා තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙක කරපු හැටි
13:47

?