චීනයේ රැකියා අර්බුදයක් – වයස අවුරුදු 16 ත් 24 ත්  අතර මිලියන 20කට රැකියා නැහැ

දශක හතරකට වැඩි කාලයක් තුළ තරුණයින් සඳහා දරුණුතම රැකියා අර්බුදයට  චීනය මේ වනවිට  මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ නිල සංඛ්‍යාලේඛන මත පදනම්ව CNN පුවත් සේවය කළ ගණනය කිරීම් අනුව පෙනී යන්නේ චීනයේ නගර ආශ්‍රිත රැකියාවල නිරත වූ වයස අවුරුදු 16 සිට 24 දක්වා වන පුද්ගලයින් මිලියන 20 ක් පමණ  රැකියාවෙන් ඉවත්ව සිටින බවයි. නිල දත්ත අනුව නාගරික තරුණ ජනගහනය මිලියන 107ක් වන අතර ඊට ග්‍රාමීය විරැකියාවට අදාල දත්ත ඇතුළත්ව නැහැ .

හොංකොං පෝස්ට් උපුටා දක්වන පරිදි වොෂින්ටන්හි ජේම්ස්ටවුන් පදනමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන විලී ලැම් ප්‍රකාශ කර ඇත්තේ මෙම මහා විරැකියාව කොමියුනිස්ට් පක්ෂයට විශාල අභියෝගයක් බවයි.

ද හොංකොං පෝස්ට් පුවත්පතට අනුව, චීනයේ තරුණ විරැකියා අනුපාතය මේ වසරේ ඉහළ මට්ටමකට ළඟා වී ඇති අතර මාර්තු මාසයේදී සියයට 15.3ක් වූ එම අගය අප්‍රේල් මාසයේදී වාර්තාගත ලෙස  සියයට 18.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන්පසු   මාස කිහිපය තුළ එම අගය ඉහළ  ගියේ සියයට 19.9 දක්වායි.

කෙසේ වෙතත් මෙම අනුපාතය අගෝස්තු මාසයේදී සියයට 18.7 දක්වා සුළු වශයෙන් පහත වැටී තිබුණා.

ලොව විශාලතම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයෙකු වන Xiaomi චීන ස්මාර්ට්ෆෝන් සමාගම කොවිඩ් 19 අගුලු දැමීම් මධ්‍යයේ සිය ශ්‍රම බලකායෙන් 15%ක් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

චීනයේ ක්‍රියාත්මක වන මෙවැනි ඉහළ පෙළේ සමාගම් තම සේවකයන් දොට්ට දැමීම එරට ආර්ථිකයේ පසුබෑමකට ද හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

Xiaomi ප්‍රකාශකයෙකු CNN පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබුණේ සිය සමාගම සාමාන්‍ය අයුරින් සිදු කරනු ලබන පිරිස් ප්‍රශස්තකරණය සහ සංවිධානාත්මක විධිමත් කිරීම සිදු කළ බවයි.

මෙම පියවර සමාගමේ ශ්‍රම බලකායෙන් සියයට 10කටත් වඩා අඩු ප්‍රමාණයකට බලපා ඇති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, චීන රාජ්‍ය මාධ්‍ය ආයතන වාර්තා කර ඇත්තේ Xiaomi  රැකියා දහස් ගණනක් කපා හරිනු ඇති බවයි.
හොංකොං පෝස්ට් පුවත්පත වාර්තා කරන්නේ මූල්‍ය ලේඛනවලට අනුව, Xiaomi 2022 වසරේ  පළමු මාස ​​නවය තුළ එහි ශ්‍රම බලකාය 1,900 කින් පමණ අඩු කර ඇති බවයි.

චීනයේ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියට අනුව ඇතිකළ  සීමාවන්ගේ අහිතකර බලපෑම් හේතුවෙන් සමාගමේ ආදායම සියයට 10 කට වඩා පහත වැටීම මීට හේතුව බවද වාර්තා වනවා.

ලබන වසරේදි මිලියන 11.6ක  උපාධිධාරීන් රැකියා වෙළඳපොළට පිවිසීමත් සමග  චිනයේ මෙම විරැකියා තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39