මැදියම් රැයේ නත්තල් දේව මෙහෙයට සියල්ල සූදානම්

ලොවට සාමයේ පණිවුඩය රැගෙන ආ ජේසු බිළිඳාගේ උපත සිහිපත් කරමින් ලොව පුරා කිතුනු බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන නත්තල ශ්‍රී ලංකාවට උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි.

මේවන විට නවසීලන්තයට නත්තල උදාවී ඇති අතර බැතිමතුන් දේවස්ථානවල මධ්‍යම රාත්‍රී දේව මෙහෙයන්වලට එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද රාත්‍රී 11.45ට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් නත්තල් දේව මෙහෙය පන්නිපිටිය ක්‍රිස්තුරාජ දෙව් මැදුරේදී පැවැත්වෙනවා.

ඊට සමගාමීව දිවයිනේ සෑම දේවස්ථානයකම නත්තල් දේව මෙහෙයන් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ වුව ද කිතුණු බැතිමතුන් මෙවර නත්තල සැමරීමට මහත් උද්යෝගයකින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙනවා.

පසුගියදා කලුතර සිරිකුරුස විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියාසිටියේ දිළිඳූ ජනතාවට උදව් උපකාර කරමින් නත්තල අර්ථවත් ලෙසට සමරන ලෙසටයි.

නත්තලේ වටිනාකම රැඳී ඇත්තේ ලබාගන්නා දේවල් මත නොව පරිත්‍යාග කරන දෑ මත බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

අතීතයට සාපේක්ෂව වර්තමානයේදී බොහෝ පවුල් දිළිඳූ බවට පත්ව ඇතැයි ද අගරදගුරු හිමිපාණන් සඳහන් කළා.

මේ අතර ජේසු සමිඳානන්ගේ උපත සිදුවූ ජෙරුසෙලම අවට ප්‍රධාන දේවස්ථාන රැසක අද විශේෂ දේව මෙහෙයන් පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන නත්තල් දේව මෙහෙයන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

දේවස්ථානවලට සහ බැතිමතුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

විශේෂයෙන් රාත්‍රී කාලයේ දේවස්ථාන අසල ආරක්ෂාව මෙන්ම රථ වාහන පාලනයට අවශ්‍ය පියවර ගැනීමට මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම සුවිශේෂී ස්ථාන වෙත ඇත් නම් ඊට සිවිල් ඇඳුමින් සැරසුනු නිලධාරීන් හෝ බුද්ධි නිලධාරීන් යෙදවීමටයි පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම හෙට (25) උදෑසන දේවස්ථානවල පැවැත්වෙන දේව මෙහෙයන් වෙනුවෙන් මහජනතාවට සහභාගී වීමට අවශ්‍ය ආරක්ෂාව සහ රථ වාහන පාලනයට ද පියවර ගැනෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

බස්නාහිර පළාතේ දේවස්ථානවල දායකයන්ගෙන් ද සමන්විත කමිටු සකස් කර දේව මෙහෙයන්වලට එක්වන පිරිස් හඳුනා ගැනීමට සහ සැක කටයුතු පිරිස් හඳුනා ගැනීමට ද සැලසුම් සකස් කර තිබෙනවා.

දිවයින පුරා ආරක්ෂාව සහ රථ වාහන පාලනයට පියවර ගන්නා ලෙසට සහ දේවස්ථානවල පූජකතුමන්ලාගෙන් විමසා අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙසටයි පොලිස්පතිවරයා පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

මෙවර නත්තල් සැමරුම වෙනුවෙන් විශාල පිරිසක් බෙත්ලෙහෙම් නුවරට රැස්වනු ඇතැයි ද අනාවැකි පළ වනවා.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ නගරය වසා දැමීම හමුවේ ආර්ථිකයට එල්ල වී තිබූ දැවැන්ත බලපෑමෙන් පසු මෙවර විශාල පිරිසක් බෙත්ලෙහෙමට එක්වනු ඇති බවටයි විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ.

2019 වසරේ දක්නට ලැබුණු වාර්තාගත වන්දනාකරුවන් ප්‍රමාණයට වඩා සංඛ්‍යාව තවමත් අඩු වුවද, වීදි කාර්යබහුල වී ඇති අතර, හෝටල් ද සම්පූර්ණයෙන්ම වෙන් කර අවසන්ව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?