මැදියම් රැයේ නත්තල් දේව මෙහෙයට සියල්ල සූදානම්

ලොවට සාමයේ පණිවුඩය රැගෙන ආ ජේසු බිළිඳාගේ උපත සිහිපත් කරමින් ලොව පුරා කිතුනු බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන නත්තල ශ්‍රී ලංකාවට උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි.

මේවන විට නවසීලන්තයට නත්තල උදාවී ඇති අතර බැතිමතුන් දේවස්ථානවල මධ්‍යම රාත්‍රී දේව මෙහෙයන්වලට එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද රාත්‍රී 11.45ට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් නත්තල් දේව මෙහෙය පන්නිපිටිය ක්‍රිස්තුරාජ දෙව් මැදුරේදී පැවැත්වෙනවා.

ඊට සමගාමීව දිවයිනේ සෑම දේවස්ථානයකම නත්තල් දේව මෙහෙයන් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ වුව ද කිතුණු බැතිමතුන් මෙවර නත්තල සැමරීමට මහත් උද්යෝගයකින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙනවා.

පසුගියදා කලුතර සිරිකුරුස විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියාසිටියේ දිළිඳූ ජනතාවට උදව් උපකාර කරමින් නත්තල අර්ථවත් ලෙසට සමරන ලෙසටයි.

නත්තලේ වටිනාකම රැඳී ඇත්තේ ලබාගන්නා දේවල් මත නොව පරිත්‍යාග කරන දෑ මත බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

අතීතයට සාපේක්ෂව වර්තමානයේදී බොහෝ පවුල් දිළිඳූ බවට පත්ව ඇතැයි ද අගරදගුරු හිමිපාණන් සඳහන් කළා.

මේ අතර ජේසු සමිඳානන්ගේ උපත සිදුවූ ජෙරුසෙලම අවට ප්‍රධාන දේවස්ථාන රැසක අද විශේෂ දේව මෙහෙයන් පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන නත්තල් දේව මෙහෙයන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

දේවස්ථානවලට සහ බැතිමතුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

විශේෂයෙන් රාත්‍රී කාලයේ දේවස්ථාන අසල ආරක්ෂාව මෙන්ම රථ වාහන පාලනයට අවශ්‍ය පියවර ගැනීමට මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම සුවිශේෂී ස්ථාන වෙත ඇත් නම් ඊට සිවිල් ඇඳුමින් සැරසුනු නිලධාරීන් හෝ බුද්ධි නිලධාරීන් යෙදවීමටයි පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම හෙට (25) උදෑසන දේවස්ථානවල පැවැත්වෙන දේව මෙහෙයන් වෙනුවෙන් මහජනතාවට සහභාගී වීමට අවශ්‍ය ආරක්ෂාව සහ රථ වාහන පාලනයට ද පියවර ගැනෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

බස්නාහිර පළාතේ දේවස්ථානවල දායකයන්ගෙන් ද සමන්විත කමිටු සකස් කර දේව මෙහෙයන්වලට එක්වන පිරිස් හඳුනා ගැනීමට සහ සැක කටයුතු පිරිස් හඳුනා ගැනීමට ද සැලසුම් සකස් කර තිබෙනවා.

දිවයින පුරා ආරක්ෂාව සහ රථ වාහන පාලනයට පියවර ගන්නා ලෙසට සහ දේවස්ථානවල පූජකතුමන්ලාගෙන් විමසා අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙසටයි පොලිස්පතිවරයා පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

මෙවර නත්තල් සැමරුම වෙනුවෙන් විශාල පිරිසක් බෙත්ලෙහෙම් නුවරට රැස්වනු ඇතැයි ද අනාවැකි පළ වනවා.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ නගරය වසා දැමීම හමුවේ ආර්ථිකයට එල්ල වී තිබූ දැවැන්ත බලපෑමෙන් පසු මෙවර විශාල පිරිසක් බෙත්ලෙහෙමට එක්වනු ඇති බවටයි විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ.

2019 වසරේ දක්නට ලැබුණු වාර්තාගත වන්දනාකරුවන් ප්‍රමාණයට වඩා සංඛ්‍යාව තවමත් අඩු වුවද, වීදි කාර්යබහුල වී ඇති අතර, හෝටල් ද සම්පූර්ණයෙන්ම වෙන් කර අවසන්ව ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් නැති තරමට මේ ආණ්ඩුව පාර්ලිමේන්තු කැන්ටිමෙන් කනවා
02:05
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - වැඩක් කරගන්න බෑ
02:55
Video thumbnail
22වන සංශෝධනය පැලවත්තට වාසි, රටට අවාසි
11:08
Video thumbnail
නාමල් හොඳටම බයවෙලා - හීන් දාඩිය දානවා, නරක හීන පේනවා
05:20
Video thumbnail
රන්දෝලි මහා පෙරහැරට පෙර "වාසනා" බුදුන් වඳී..
01:40
Video thumbnail
මල් පැල යවපු එකේ ප්‍රතිඵල - ක්ලීන් ශ්‍රී ලංකා දිවුලපිටියට නැද්ද..?
09:57
Video thumbnail
අඩි 300ක ප්‍රපාතයකට වැටුණු මනුස්සයාගේ දේහය ගොඩගන්න ලොකු මෙහෙයුමක්
02:00
Video thumbnail
ගල්කිස්ස වෙ# තැබීමේ CCTV දර්ශන මෙන්න
01:27
Video thumbnail
අඟුලාන මුහුදේ අතුරුදන් වූ නාවිකයාව සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි
02:17
Video thumbnail
අපිට පාරේ යන්න බෑ, හැම ඉස්කෝලෙටම කළින් හිටපු යාළුවාගේ නම ගහලා
04:31