2023 වසරේ සිට මාසික වැටුපෙන් බදු අයවෙන්නේ මෙහෙමයි

ලබන 2023 වසරේ ජනවාරි මස පළමුවනදා සිට ආදායම් බදු වෙනස්වන ආකාරය පිළිබඳ මුදල් අමාත්‍යංශය අද පැහැදිළි කිරීමක් සිදු කළා.

මුදල් අඅමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක කියාසිටියේ පුද්ගල ආදායම් බදු වැටුප් කාණ්ඩ අනුව වෙනස් කෙරෙන බවයි.

මේ අනුව රුපියල් ලක්ෂයක වැටුප් ගන්නා අය ආදායම් බද්දට යටත් වන්නේ නැහැ.

වැටුප රුපියල් 150,000ක් නම් රුපියල් 3500ක බද්දක් අය කෙරෙනවා.

රුපියල් ලක්ෂ 2ක වැටුපක් ලබාගන්නා පුද්ගලයෙකුගෙන් අය කෙනෙ බද්ද රුපියල් 10500ක්.

දෙලක්ෂ පනස් දහසක වැටුපක් ලබාගන්නා අයෙකුගෙන් රුපියල් 21000ක බද්දක් අය කෙරෙන අතර ලක්ෂ 3ක වැටුපක් ගන්නා අයෙකුගෙන් රුපියල් 35000ක බද්දක් අය කෙරෙනවා.

තුන් ලක්ෂ පනස් දහසක වැටුපක් ගන්නා අයෙක් ජනවාරි මාසයේ සිට ගෙවිය යුතු බදු මුදල රුපියල් 52000ක්.

වැටුප රුපියල් ලක්ෂ 4ක් නම් බද්ද රුපියල් 70500ක් වනවා.

වැටුප රුපියල් ලක්ෂ 10ක් නම් ගෙවිය යුතු බදු මුදල රුපියල් 286,500ක්.

රඳවා ගැනීමේ බදු අය කිරීමේදී ලාභාංශ සඳහා 15ක් මෙන්ම පොලියට 5ක් ද අය කෙරෙනවා.

රුපියල් ලක්ෂයකට වැඩි කුලියක් ගෙවන්නේ නම් 10ක් බදු අය කෙරෙනු ඇති. සංස්ථාපිත ආදායම් බදු සෑම ක්ෂේත්‍රයකටම 30ක බද්දක් හඳුන්වාදී ඇති බවයි මුදල් අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37