ගංජා හේන් 5ක් වටලා සැකකරුවන් 7ක් අත්අඩංගුවට

වලාන දූෂණ මර්දන ඒකකය යාල රක්ෂිතයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් ගංජා හේන් 5ක් වටලා සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) උදෑසන සිට ගෝනගංආර පොලිස් වසමේ යාල රක්ෂිත 5 ප්‍රදේශයේයි මෙම වැටලීම සිදුකර තිබුණේ.

මෙහිදී අක්කර 8ක පමණ භූමි ප්‍රදේශයක් තුල වගාකර තිබූ ගංජා හේන් 5ක් වටලා විවිධ ප්‍රමාණයේ උසින් යුත් ගංජා පැළ 108234ක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙහිදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ 5ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 24ත් 57ත් අතර වයස්වල පසුවන සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගෝනගංආර පොලිසියට ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයන් මාලිගාවිල, තණමල්විල, ඔක්කම්පිටිය, ඇඹ්ලිපිටියඇඹිලිපිටිය සහ සියඹලාණ්ඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගෝනගංආර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16