spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගංජා හේන් 5ක් වටලා සැකකරුවන් 7ක් අත්අඩංගුවට

වලාන දූෂණ මර්දන ඒකකය යාල රක්ෂිතයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් ගංජා හේන් 5ක් වටලා සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) උදෑසන සිට ගෝනගංආර පොලිස් වසමේ යාල රක්ෂිත 5 ප්‍රදේශයේයි මෙම වැටලීම සිදුකර තිබුණේ.

මෙහිදී අක්කර 8ක පමණ භූමි ප්‍රදේශයක් තුල වගාකර තිබූ ගංජා හේන් 5ක් වටලා විවිධ ප්‍රමාණයේ උසින් යුත් ගංජා පැළ 108234ක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙහිදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ 5ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 24ත් 57ත් අතර වයස්වල පසුවන සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගෝනගංආර පොලිසියට ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයන් මාලිගාවිල, තණමල්විල, ඔක්කම්පිටිය, ඇඹ්ලිපිටියඇඹිලිපිටිය සහ සියඹලාණ්ඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගෝනගංආර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?