දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයේ පරීක්ෂණ ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 58 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇතැයි පොලිසිය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ ඝාතනයට අදාළව සැකකරුවෙකු හඳුනා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි.

විමර්ශන කණ්ඩායම් රැසක් තාක්ෂණික සාක්ෂි, සී. සී. ටී. වී. දර්ශන, බැංකු වාර්තා මෙන්ම දුරකතන සාක්ෂි ඔස්සේ ද පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

කෙසේවෙතත් මෙම ඝාතනයට සැක කටයුතු පුද්ගලයෙකු මෙතෙක් අනාවරණ වී නොමැති බව ඔහු සඳහන් කළා.

මෙවැනි විමර්ශනයක් සිදු කිරීමේදී අපරාධකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව වුව ද එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් සාධාරණ සාක්ෂි අවශ්‍ය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා.

මෙවැනි ඝාතනයක් සිදුවීමෙන් පසු දින කිහිපයක් ඇතුලත සැකකරුවෙකු හඳුනා ගැනීම අපහසු බව ද ඔහු පැහැදිළි කළා.

සැකකරුවෙකු හඳුනාගත හැක්කේ ලැබෙන තොරතුරු මත පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සැක සහිත දුරකතන සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීම ද විමර්ශණවලට අවශ්‍ය පරිදි සිදු කෙරෙන බව නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ සමීපතමයන් සැලකිය යුතු පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර අනාවරණ වන තොරතුරු මත තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?