දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයේ පරීක්ෂණ ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 58 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇතැයි පොලිසිය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ ඝාතනයට අදාළව සැකකරුවෙකු හඳුනා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි.

විමර්ශන කණ්ඩායම් රැසක් තාක්ෂණික සාක්ෂි, සී. සී. ටී. වී. දර්ශන, බැංකු වාර්තා මෙන්ම දුරකතන සාක්ෂි ඔස්සේ ද පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

කෙසේවෙතත් මෙම ඝාතනයට සැක කටයුතු පුද්ගලයෙකු මෙතෙක් අනාවරණ වී නොමැති බව ඔහු සඳහන් කළා.

මෙවැනි විමර්ශනයක් සිදු කිරීමේදී අපරාධකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව වුව ද එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් සාධාරණ සාක්ෂි අවශ්‍ය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා.

මෙවැනි ඝාතනයක් සිදුවීමෙන් පසු දින කිහිපයක් ඇතුලත සැකකරුවෙකු හඳුනා ගැනීම අපහසු බව ද ඔහු පැහැදිළි කළා.

සැකකරුවෙකු හඳුනාගත හැක්කේ ලැබෙන තොරතුරු මත පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සැක සහිත දුරකතන සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීම ද විමර්ශණවලට අවශ්‍ය පරිදි සිදු කෙරෙන බව නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ සමීපතමයන් සැලකිය යුතු පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර අනාවරණ වන තොරතුරු මත තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14