දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන ප්‍රකාශ 42කට වැඩි සංඛ්‍යාවක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මේවන විට ප්‍රකාශ 42කට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ අත්අඩංගුවට ගැනීමක් හෝ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් හඳුනා ගැනීමක් හෝ සිදුවී නොමැති බවයි.

දුරකතන අංක රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සිදුවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

මේ අතර මෙම මරණයට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සමීපතමයෙකුගේ සම්බන්ධයක් ඇති බවට වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී විමසීමක් කළා.

ඊට පිළිතුරු දෙමින් නිහාල් තල්දූව මහතා කියාසිටියේ එවැනි තොරතුරක් මෙතෙක් එක එල්ලේ අනාවරණ වීමක් නොමැති බවයි. එමෙන්ම එවැනි තොරතුරු මාධ්‍ය වෙත ලබාදිය නොහැකි බව ද ඔහු අවධාරණය කළා.

විමර්ශණවලදී අනාවරණ වන තොරතුරු වාර්තා කළ යුත්තේ අධිකරණයට බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා.

මලලසේකර මාවතේ අවන්හලකට දිනේෂ් ෂාෆ්ටර් මහතා ගොස් ඇති බවට අනාවරණ වී ඇති කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී විමසූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ විමර්ශණ නිලධාරීන් විසින් තමන්ට මෙතෙක් එවැනි කරුණක් ප්‍රකාශකර නොමැති බවයි.

https://www.youtube.com/watch?v=4r8FamEvnpI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58