spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන ප්‍රකාශ 42කට වැඩි සංඛ්‍යාවක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මේවන විට ප්‍රකාශ 42කට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ අත්අඩංගුවට ගැනීමක් හෝ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් හඳුනා ගැනීමක් හෝ සිදුවී නොමැති බවයි.

දුරකතන අංක රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සිදුවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

මේ අතර මෙම මරණයට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සමීපතමයෙකුගේ සම්බන්ධයක් ඇති බවට වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී විමසීමක් කළා.

ඊට පිළිතුරු දෙමින් නිහාල් තල්දූව මහතා කියාසිටියේ එවැනි තොරතුරක් මෙතෙක් එක එල්ලේ අනාවරණ වීමක් නොමැති බවයි. එමෙන්ම එවැනි තොරතුරු මාධ්‍ය වෙත ලබාදිය නොහැකි බව ද ඔහු අවධාරණය කළා.

විමර්ශණවලදී අනාවරණ වන තොරතුරු වාර්තා කළ යුත්තේ අධිකරණයට බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා.

මලලසේකර මාවතේ අවන්හලකට දිනේෂ් ෂාෆ්ටර් මහතා ගොස් ඇති බවට අනාවරණ වී ඇති කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී විමසූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ විමර්ශණ නිලධාරීන් විසින් තමන්ට මෙතෙක් එවැනි කරුණක් ප්‍රකාශකර නොමැති බවයි.

https://www.youtube.com/watch?v=4r8FamEvnpI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?