ජිවිත රැසක් අහිමිකල පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ මෙරට තුළ කිසිවෙකුට මේ වන තෙක් නඩු දමා නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකාව මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දෙදෙනකුට නඩු දමා ඇති බවත් ඔවුන් දැනට ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් තමත් ලැජ්ජාවට පත්වන බවද මන්ත්‍රීවරයා කීය. මෙලෙස කල් මරමින් සිටින්නේ සාක්ෂි විනාශ කිරීමට බව ද ඔහු චෝදනා කළේය.













