ගජමුතු සමඟ පුද්ගලයන් 03 ක් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයකින් ගජමුතු රැගෙන යමින් සිටියදී පුද්ගයන් තිදෙනෙක් සහ ගජමුතු 05ක් පොලිස් විශේෂ කාර්ය බළකායේ කලවංචිකුඩි කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා බුද්ධි තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් මහඔය කොන්වින් මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම, අත්අඩංගුවට ගත් පුද්ගලයන් බිබිල සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් ත්‍රිරෝද රථයකින් බිබිලේ සිට මහඔය දක්වා පැමිණ මෙම ගජමුතු රැගෙන යමින් සිටියදී විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන් පරීක්ෂා කර අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සොයාගත් ගජමුතු ජාවාරමට යොදාගත් ත්‍රිරෝද රථය සහ යතුරුපැදිය අධිකරණ කටයුතු සඳහා මහඔය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත අම්පාර කලාප අණදෙන නිලධාරී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39