spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගජමුතු සමඟ පුද්ගලයන් 03 ක් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයකින් ගජමුතු රැගෙන යමින් සිටියදී පුද්ගයන් තිදෙනෙක් සහ ගජමුතු 05ක් පොලිස් විශේෂ කාර්ය බළකායේ කලවංචිකුඩි කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා බුද්ධි තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් මහඔය කොන්වින් මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම, අත්අඩංගුවට ගත් පුද්ගලයන් බිබිල සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් ත්‍රිරෝද රථයකින් බිබිලේ සිට මහඔය දක්වා පැමිණ මෙම ගජමුතු රැගෙන යමින් සිටියදී විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන් පරීක්ෂා කර අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සොයාගත් ගජමුතු ජාවාරමට යොදාගත් ත්‍රිරෝද රථය සහ යතුරුපැදිය අධිකරණ කටයුතු සඳහා මහඔය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත අම්පාර කලාප අණදෙන නිලධාරී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?