ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනයෙන් මාධ්‍ය වෙත තවදුරටත් බලපෑම් – බොහෝ මාධ්‍යවේදීන් ක්ෂේත්‍රය අතහැර ගිහින්

ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදීන්ට අනුග්‍රහය සහ සහයෝගය දැක්වීම වෙනුවට තලේබාන් සංවිධානය එරට මාධ්‍ය ආයතන වෙත තවදුරටත් සීමා පනවා ඇති බවට චෝදනා එල්ල වන බව ඛාම ප්‍රෙස් පුවත් සේවය වාර්තා කරනවා.

බල්ක් ප්‍රාන්ත  තොරතුරු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ විධායකයෙකු වන මොහොමඩ් යුනිස් රෂීඩ් මේ බව ප්‍රකාශ කර තිබුණේ

මාධ්‍ය ආයතන සහ ඇෆ්ගනිස්තානයේ තලේබාන් වැඩබලන ආන්ඩුව අතර උතුරු මැසාර්-ඊ-ෂරීෆ් පළාතේ මෑතකදී පැවති රැස්වීමකින් පසුවයි .

රටේ මාධ්‍යවේදීන්ගේ නිදහස සඳහා පුළුල් මාර්ග සිතියමක් සකස් කරනු වෙනුවට තලේබාන් පාලනය යුද්ධයෙන් විනාශ වූ ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය ආයතනවලට තවදුරටත් සීමා පැනවූ බව ඔහු පෙන්වා දී තිබෙනවා.

“වර්තමාන පාලනය  යටතේ අපි මාධ්‍ය සඳහා සීමාවන් අත්විඳ තිබෙනවා. අවාසනාවකට, මෙම සීමාවන් මාධ්‍ය තවදුරටත් අන්තයකයට තල්ලු කරමින්  තිබෙන්නේ .,” බල්ක්හි පෞද්ගලික මාධ්‍ය ආයතනයක ප්‍රධානියා වන  අබ්දුල් බසීර් අබිඩ් ද ප්‍රකාශ කළා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය රට පාලනය අත්පත් කර ගැනීමෙන්  පසු ඇෆ්ගනිස්ථාන මාධ්‍යයේ  වර්ධනය වීමට සහ සමෘද්ධිමත් වීමට දැඩි අභියෝගයක් බවට පත්ව ඇත්තේ විශේෂිත සැලැස්මක් නොමැතිකම  වීමය.

“නිශ්චිත මාර්ග සිතියමක් නොමැතිකම මාධ්‍ය වර්ධනයට විශාල අභියෝගයක්, එබැවින් රජය මාධ්‍ය හා පුවත්පත් කලාවට ගැලපෙන එක් ප්‍රතිපත්තියක් හඳුන්වා දිය යුතුය” යනුවෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන සයීඩ් මොහොමඩ් යස්දාන්  අදාල රැස්වීමේදී ප්‍රකාශ කර තිබුණා.

ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන්
මානුෂීය සංවිධාන කිහිපයක් ද  අවධානය යොමු කර තිබුණා.

තලේබාන් සංවිධානය බලය අල්ලා ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ  ඉහළ ගොස් ඇති බවත් අවම වශයෙන් වාර්තාකරුවන් 200 දෙනෙකුගේ මානව හිමිකම් කඩ වී ඇති බවත් ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහය දූත මණ්ඩලය (UNAMA) නොවැම්බර් මස මුල නිකුත් කළ සිය වාර්තාව මගින් ප්‍රකාශ කර තිබුණා.

දකුණු ආසියානු මාධ්‍ය සහයෝගීතා ජාලයේ (SAMSN) වාර්තාවකට අනුව තලේබාන් සංවිධානය බලයට පත්වීමෙන් පසු මහත්තයා කරණයෙන් ඉවත් වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව  සියයට 45කට වැඩිය.

පසුගිය වසරේ අගෝස්තු මස මැද භාගයේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය අත්පත් කර ගැනීමෙන් පසුව, කාන්තා අයිතිවාසිකම්  සම්බන්ධයෙන් ද දැඩි ලෙස සීමා පනවනු ලැබුවා.

කෙසේ වෙතත් තලේබාන් සංවිධානය අගෝස්තු මාසයේදී බලය  අත්පත් කර ගැනීමෙන් පසු පැවැත් වූ  පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොරොන්දු වූයේ කාන්තා අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස සහ රාජ්‍ය නිලධාරීන්ට පොදු සමාව ලබා දෙන බවයි.
නමුත් සමාජ  ක්‍රියාකාරීන්, හිටපු රජයේ සේවකයන් සහ මාධ්‍යවේදීන් දිගින් දිගටම පළිගැනීම්වලට මුහුණ දෙමින් සිටින බව ඛාම පුවත් සේවය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20