ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් – ඇමති අධිකරණයට දන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් පසුගියදා පෙත්සමත් ගොනුකළා.

ඒ, අනුව එම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන විසින් මේ පිළිබඳව අධිකරණයට දැනුම්දීම සිදුකළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා තාක්ෂණික කමිටුවකින් උපදෙස් ලබා ගන්නා බවයි ඔහු අධිකරණයේ දී වැඩිදුරටත් කරුණු දැක්වුවේ.

අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් ඉදිරියේ එම පෙත්සම අද කැඳවනු ලැබුවා.

මේ අතර, මෙම පෙත්සම පෙබරවාරි මස 28 වනදා කැඳවීමටයි නියම වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පති නිසල වී ට්‍රොලියේ ගිය අයුරු - ‍‍රෝහලේ ඔබ නොදුටු දසුන් මෙන්න
02:46
Video thumbnail
සජිත්ට ජෝකර් කියලා බැනපු ලාල්කාන්ත..
01:16
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධිය ගැන හොයන්න මහේස්ත්‍රාත්වරයත් එයි - අස්සක් මුල්ලක් නෑරම පරීක්ෂා කරයි
04:00
Video thumbnail
රට වටෙන්ම අද කොහේ ගියත් ඇහෙන්නේ නාමල්.. නාමල්.. නාමල් කියලා...
01:30
Video thumbnail
වර්තමාන පොලිස්පති මි#යගිය හිටපු පොලිස්පතිගේ නිවසට පැමිණෙයි - විමර්ශන ගැන අහද්දි පිළිතුරු නොදී යයි
01:45
Video thumbnail
28 වැනිදා වනතුරු නැවතත් හිරගෙයි ජීවිතයට දුක්බරව ගිය රඛිත සහ නළු චරිත්..
00:29
Video thumbnail
රඛිත රාජපක්ෂ, චරිත් සහ අරුණ තවදුරටත් රිමාන්ඩ් - මූණත් වහගෙන නිල්පාට බස් එකෙන් ගිය හැටි
00:48
Video thumbnail
හිටපු පොලිස්පතිගේ එළොව යෑම ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - CD වික්‍රමරත්න ප්‍රබල සාක්ෂියක් දුන්නා
09:16
Video thumbnail
BREAKING "මේකට ආණ්ඩුව වගකීම ගන්න ඕනේ" - හිටපු පොලිස්පතිගේ මරණය ගැන විශේෂ අනාවරණයක්
01:14
Video thumbnail
හිටපු පොලිස්පති ගැන ප්‍රබල හෙළිදරව්වක් - හිටපු පාලකයෝ එක්ක සමීප සම්බන්ධකම් තිබුණා ?
03:42