හික්කඩුවේදී ව්‍යාපාරිකයෙක් ඝාතනය කෙරේ

අද දින හික්කඩුව වෑවළ ප්‍රදේශයේ දී පහරදී කපා කොටා පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

හික්කඩුව තිරාණාගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු මෙසේ කපා කොටා ඝාතනය කර ඇති අතර ඔහු වෑවළ ප්‍රදේශයේ රෙදි කඩයක් කරගෙන යන අයෙකු බව හික්කඩුව පොලීසිය පවසයි.

අද උදෑසන 10.30 ට පමණ මොහු තම බිරිඳ සමග ව්‍යව්‍යාපාරික ස්ථානයට පැමිණි අවස්ථාවෙදී මෙම ප්‍රහාරයට ලක්වී ඇත. හික්කඩුව ,ආරච්චිකන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇත.

මෙහිදී ඔහු සමග සිටි බිරිඳද ප්‍රහාරයට ලක්වී කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.මෙය පැරණි ආරවුලක් මත සිදුවී ඇති බව හික්කඩුව පොලීසිය පවසයි. හික්කඩුව පොලීසියේ ස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් පල්ලියගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?