රෝහලට පැමිණි රෝගීන් ප්‍රතිකාර නොලැබ හිස් අතින් නිවෙස්වලට

විශේෂඥ වෛද්‍ය සායනවලින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඊයේ (29දා) පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට පැමිණි රෝගීන් 3000කට අධික පිරිසකට ප්‍රතිකාර නොලැබ හිස් අතින් ආපසු යෑමට සිදු වූ බව වාර්තා වෙනවා.

රෝගීන් පැවසුවේ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ විශේෂඥ වෛද්‍ය සායන ගනනාවක් නොපැවැත්වීම නිසා තමන්ට ප්‍රතිකාර නොලබා ආපසු යෑමට සිදුවූ බවයි.මෙසේ ප්‍රතිකාර නොලබා හිස් අතින් නිවෙස් බලා යෑමට සිදු වූ රෝගීන් අතර වැලිකන්ද, දිඹුලාගල, අරලගංවිල, දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ආදී ප්‍රදේශවලින් පැමිණි රෝගීන්ද සිටි බව දැනගන්නට ලැබිණි.

මේ පිලිබඳව පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය නිහාල් ගුණතිලක මහතාගෙන් විමසූවිට ඔහු පවසා සිටියේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සඳහා ලබාදෙන පුහුණුවීම් කටයුතු වෙනුවෙන් දින දෙකක් පොලොන්නරුව මහ රෝහලේ පහසුකම් සැලසීමට සිදුවීම නිසා එම දිනවල පැවැත්වීමට තිබූ වෛද්‍ය සායන කිහිපයක් අවලංගු කිරීමට සිදු වූ බවයි. එසේ වුවද අත්‍යවශ්‍ය වෛද්‍ය සායන කිහිපයක් ඊයේ පැවැත්වූ බව ද ඒ මහතා කීය.

එමෙන්ම මේ පිලිබඳව පෙර පැවති සායනවලදී රෝගීන් දැනුවත්කර ඇති බවද වෙනත් ආසන්න දිනයක එම වෛද්‍ය සායන පවත්වන බව එම පූර්ව දැනුම් දීමේදී කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

තවද නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් පුහුණු කිරීමේ මෙවැනි වැඩසටහන් පොලොන්නරුව මහ රෝහලේ පමණක් නොව දිවයිනේ වෙනත් මහ රෝහල්වල ද පවත්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?