රෝහලට පැමිණි රෝගීන් ප්‍රතිකාර නොලැබ හිස් අතින් නිවෙස්වලට

විශේෂඥ වෛද්‍ය සායනවලින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඊයේ (29දා) පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට පැමිණි රෝගීන් 3000කට අධික පිරිසකට ප්‍රතිකාර නොලැබ හිස් අතින් ආපසු යෑමට සිදු වූ බව වාර්තා වෙනවා.

රෝගීන් පැවසුවේ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ විශේෂඥ වෛද්‍ය සායන ගනනාවක් නොපැවැත්වීම නිසා තමන්ට ප්‍රතිකාර නොලබා ආපසු යෑමට සිදුවූ බවයි.මෙසේ ප්‍රතිකාර නොලබා හිස් අතින් නිවෙස් බලා යෑමට සිදු වූ රෝගීන් අතර වැලිකන්ද, දිඹුලාගල, අරලගංවිල, දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ආදී ප්‍රදේශවලින් පැමිණි රෝගීන්ද සිටි බව දැනගන්නට ලැබිණි.

මේ පිලිබඳව පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය නිහාල් ගුණතිලක මහතාගෙන් විමසූවිට ඔහු පවසා සිටියේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සඳහා ලබාදෙන පුහුණුවීම් කටයුතු වෙනුවෙන් දින දෙකක් පොලොන්නරුව මහ රෝහලේ පහසුකම් සැලසීමට සිදුවීම නිසා එම දිනවල පැවැත්වීමට තිබූ වෛද්‍ය සායන කිහිපයක් අවලංගු කිරීමට සිදු වූ බවයි. එසේ වුවද අත්‍යවශ්‍ය වෛද්‍ය සායන කිහිපයක් ඊයේ පැවැත්වූ බව ද ඒ මහතා කීය.

එමෙන්ම මේ පිලිබඳව පෙර පැවති සායනවලදී රෝගීන් දැනුවත්කර ඇති බවද වෙනත් ආසන්න දිනයක එම වෛද්‍ය සායන පවත්වන බව එම පූර්ව දැනුම් දීමේදී කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

තවද නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් පුහුණු කිරීමේ මෙවැනි වැඩසටහන් පොලොන්නරුව මහ රෝහලේ පමණක් නොව දිවයිනේ වෙනත් මහ රෝහල්වල ද පවත්වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21