AFC Banner
Empty Ad
Empty Ad

“බම්බා” හෙරොයින් සමග අත්අඩංගුවට

අපරාධ රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව තිබේ. මෙම අත්අඩංගුවට පත් වුවන් අතර මොරටුව බම්බා යන අන්වර්ථනාමයෙන් හැදින්වෙන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයෙකුද සිටින බවයි පොලීසිය පවසන්නේ.

අඟුලාන – මෝදර වත්ත ප්‍රදේශයේ මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් පරීක්ෂා කළ පොලීසිය 29 හැවිරිදි පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ අගුලාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද බුද්ධි තොරතුරකට අනුවයි. ඔහුගෙන් ලබාගත් තොරතුරු මත මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පොලීසිය විසින් පරීක්ෂා කල අතර  එම අවස්ථාවේ මොරටුව බම්බා නැමති 40 හැවිරිදි සැකකරු අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඔහුගේ යට ඇඳුමේ සඟවා තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ බර ග්‍රෑම් 320ක් බවයි පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?