ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු නෙරපා හැරේ

අඹගමුව ප්‍රාදේශිය සභාවේ ලංකා කම්කරු කොන්ග්‍රසය නියෝජනය කරමින් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු වශයෙන් කටයුතු කල අරුල්සාමි ජොයෙල් මැල්කම් මහතාට එරෙහිව පැවැත් වු විනය පරික්ෂණයකින් පසු පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කිරිමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා අද (18) දින පියවර ගෙන ඇත.

ලංකා කම්කරු කොන්ග්‍රසය නියෝජනය කරමින් අරුල්සාමි ජොයෙල් මැල්කම් මහතා එම ප්‍රාදේශිය සභාවේ කටයුතු කරමින් සිටින අතරතුර වැලිඔය අග්‍රඔය ප්‍රදේශයේ වතු කම්කරුවන් වෙත බෙදා දිම සදහා ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් හදුනාගෙන තිබු ඉඩමක් පක්ෂයේ අනුදැනුමකින් තොරව ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා සහ ඔහුගේ හිතවතුන් කිහිපදෙනෙකුට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා පවරා ගැනිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයාගේ උපදෙස් පරිදි පක්ෂයේ විධායක සභාව විසින් ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්විණ.

එම විනය පරික්ෂණයෙන් පසු ලංකා කම්කරු කොන්ග්‍රසයේ විධායක සභාව විසින් අරුල්සාමි ජොයෙල් මැල්කම් මහතාව පක්ෂ සමාජිකත්වයෙන් නෙරපිමට ගත් තිරණයක් අනුව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා විසින් ඒ බව අදාල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයාට ලිඛිතව දැනුම් දි ඇත.

අරුල්සාමි ජොයෙල් මැල්කම් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ සමාජිකත්වයෙන් ඉවත් කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දි ඇති බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ ලේකම්වරයා කියා සිටියේ.

1 1
2 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00