spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු නෙරපා හැරේ

අඹගමුව ප්‍රාදේශිය සභාවේ ලංකා කම්කරු කොන්ග්‍රසය නියෝජනය කරමින් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු වශයෙන් කටයුතු කල අරුල්සාමි ජොයෙල් මැල්කම් මහතාට එරෙහිව පැවැත් වු විනය පරික්ෂණයකින් පසු පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කිරිමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා අද (18) දින පියවර ගෙන ඇත.

ලංකා කම්කරු කොන්ග්‍රසය නියෝජනය කරමින් අරුල්සාමි ජොයෙල් මැල්කම් මහතා එම ප්‍රාදේශිය සභාවේ කටයුතු කරමින් සිටින අතරතුර වැලිඔය අග්‍රඔය ප්‍රදේශයේ වතු කම්කරුවන් වෙත බෙදා දිම සදහා ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් හදුනාගෙන තිබු ඉඩමක් පක්ෂයේ අනුදැනුමකින් තොරව ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා සහ ඔහුගේ හිතවතුන් කිහිපදෙනෙකුට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා පවරා ගැනිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයාගේ උපදෙස් පරිදි පක්ෂයේ විධායක සභාව විසින් ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්විණ.

එම විනය පරික්ෂණයෙන් පසු ලංකා කම්කරු කොන්ග්‍රසයේ විධායක සභාව විසින් අරුල්සාමි ජොයෙල් මැල්කම් මහතාව පක්ෂ සමාජිකත්වයෙන් නෙරපිමට ගත් තිරණයක් අනුව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා විසින් ඒ බව අදාල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයාට ලිඛිතව දැනුම් දි ඇත.

අරුල්සාමි ජොයෙල් මැල්කම් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ සමාජිකත්වයෙන් ඉවත් කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දි ඇති බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ ලේකම්වරයා කියා සිටියේ.

1 1
2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?