20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ එංගලතයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස්කරගත්තා.
හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමග හර්තික් පාන්ඩ්යා පන්දු 33කදී ලකුණු 63ක් රැස්කර ගත්තා.
ජාත්‍යන්තර පිටියේ ලකුණු 4000 සීමාව පසුකරමින් විරාත් කෝලි ලකුණු 50ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඇතුළත් ව.
ඔහු එම සීමාව පසුකර ගිය ලොව පළමු ක්‍රීඩකයාය. ක්‍රිස් ජෝදන් ලකුණු 43කට කඩුලු 3ක් දවා ගත්තා.
ඒ අනුව පිලිතුරු ඉනිම ක්‍රිඩා කල එංගලතය පන්දුවාර 16ක් අවසානයේ කිසිවෙකු නොදැවී සිය ජයග්‍රාහණය වාර්තා කළා. ඇලෙක්ස් හේල් ලකුණු 86ක් රැස්කළේ හයේ හතක් සහ හතරේ පහර 4ක් ඇතුළත්යි.ජෝස් බට්ලර් 80ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමගයි.
2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට එංගලතය සමත් වූ අතර ඔවුන් පාකිස්ථාන කණ්ඩායම සමග ලබන ඉරිදා අවසාන මහා තරගයේදි මුණ ගැසෙනු ඇති













