ටැන්සානියානු මගී ගුවන් යානයක් වික්ටෝරියා විලට කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන පුද්ගලයින් ගණන 19ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යානයේ සිටි පුද්ගලයින් 43 දෙනාගෙන් 24 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ
බුකෝබා ගුවන් තොටුපළ ධාවන පථයේ කෙළවර වෙරළ ආසන්නයේදී යානය කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ. යානය ගොඩබෑමට සූදානම් වන විට අයහපත් කාලගුණය මෙම සිදුවීමට බලපෑ ඇති බවයි විදෙස් මාධ්‍ය පවසනවා
නැවත දැනුම් දෙන තුරු ගුවන් තොටුපළ වසා දමා ඇති අතර එරට ජනාධිපති ෂමියා සුලොහු හෂන් විපතට පත් වූවන් වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




