පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සමග පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 179ක් රැස්කර ගැනීමට සමත් විය.
ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් නායක ආරෝන් ෆින්ච් ලකුණු 63ක් රැස්කර ගැනීමට සමත් විය.ඊට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් ද ඇතුළත් වේ.
මාකස් ස්ටොයිනිස් ලකුණු 35යි. මිචෙල් මාෂ් ලකුණු 28යි.
ඒ අනුව අයර්ලන්තය කණ්ඩායම සිය පන්දුවාර 18.1 අවසානයේදී ලබා ගැනිමට හැකි වුයේ 137ක් පමණි.
ඒ අනුව ඔස්ට්‍රේලියානු පිල ලකුණු 42කින් ජය ලබා ගත්තා.
















