තව තවත් බර ජනතාව පිටේ පටවන්න එපා – මහින්ද

දැඩි ආර්ථික පීඩනයකින් සිටින ජනතාව පිට තව තවත් බදු හෝ ගාස්තුවල බර පැටවීම ගැන තමන්ට කිසිසේත්ම එකඟ විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි

පීඩාවට පත්ව සිටින ජනතාව මත කොතරම් නව බදු පැනවුවද ඒවා අයකර ගැනීම පහසු නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එවැනි යෝජනාවකට දේශපාලන වශයෙන් සහාය දිය නොහැකි යැයිද සඳහන් කළේය.

රටේ නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගන්වමින් ආදායම් උත්පාදනය වර්ධනය නොකර තව තවත් බදු හෝ ගාස්තුවල බර ජනතාව පිට පැටවීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවද ඔහු වැඩිදුරටත් කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?