අද පැවති විස්සයි විස්‌ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා නවසීලන්ත තරඟයේදී ලකුණු 65කින් ජය ගැනීමට නවසීලන්ත පිල සමත් වුවා. ලකුණු 168ක ඉලක්කයක් නවසීලන්ත ලබා දුන්නා.
ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු වාර 19.2 කදී සියලු දෙනා දැවී රැස් කර ගනු ලැබුවේ ලකුණු 102ක් පමණයි.
මේ පිලිබදව තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ දසුන් ශානක,
“පැතුම් දක්ෂ පන්දු රකින්නෙක්. මං හිතන්නේ නෑ එයා මීට කලින් කැච් අත ඇරලා තියෙනවා කියලා. කවුරුත් ඕනකමින් කැච් අතාරින්නෙ නැහැ සෙල්ලම් කරද්දි. ඒක නිසා අපිට කාටවත් ඇඟිල්ල දික් කරන්න, කාටවත් බනින්න ඕන නෑ. අපි කරන්න ඕන හොඳට ඊළඟ තරඟ වලට මුහුණ දෙන එක. ඉතින් මං ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා ජයග්‍රහණයේදී වගේම පරාජයෙදිත් අපිත් එක්ක ඉන්න කියලා.”
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක සහභාගිවූ මාධ්‍ය හමුව පහතින්














