සෞදි විෂන් 2030 ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහය

සෞදි විෂන් 2030 (Vision 2030) ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහය ලබාදෙන බව පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අමහඩ් මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තනාපති ඛලඩ් හමොවුඩ් නසියර් ඇල්ඩසම් (Khalid Hamoud Nasser Aldasam) මහතා සමඟ පරිසර අමාත්‍යංශයේ දී ඊයේ (27) පැවති සාකච්ඡාවක දී පරිසර අමාත්‍යවරයා මේ බව පැවසීය.

 දෙරට අතර සහයෝගය නංවමින් සිදුකළ හැකි ව්‍යාපෘති පිළිබඳව ද අවධානය යොමුකළ මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ ඉදිරිගමන සඳහා ධනාත්මක ප්‍රවේශයක් ගොඩනැගිය හැකි අයුරින් පැවැත්විණි.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස පරිසර අමාත්‍යවරයා මැතක දී සෞදි අරාබි රාජ්‍යයේ නිල සංචාරයක යෙදුණු පසුබිමක, මෙවැනි සාකච්ඡාවක් පැවැත්වූයේ ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පිටිවහලක් සපයමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?