කෝටි 4ක අඟරු චෙක් දුන් දෙහිවල නීතිඥයාගේ රෙදි ගැලවෙයි

රුපියල් කෝටි හතරකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව දෙහිවල ප්‍රදේශයේ පදිංචි නීතීඥවරයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (25) අත්අඩංගුවට ගෙන තිබේ.

හෝටලයක් මිලදී ගැනීමකට අදාළව මෙම වංචාව සිදුව ඇති බවය. ගිණුමේ මුදල් නොමැතිව රුපියල් හාරකෝටි හයලක්ෂයක මුදලකට අදාළ චෙක්පත් ලබා දී වංචාකර සාවද්‍ය පරිහණය කිරීමක් සම්බන්ධයෙන් මෙම නීතිඥවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මෙම නීතිඥවරයාව පෙරේදා සවස හොරණදී අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බැංකුවක් ආසන්නයේදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළා.

මෙම නීතීඥවරයා ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකි. අදාළ ගනුදෙනුවට සම්බන්ධ පැමිණිලිකරු මෙම නීතීඥවරයා සමඟ නිවසක් අලෙවි කිරීමේ ගනුදෙනුවකට ද කලකට පෙර සම්බන්ධ වී ඇති බවත් එම විශ්වාසය මත මෙම හෝටල් ගනුදෙනුව සිදුවී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගියේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

රුපියල් කෝටි 04කට අධික මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බොහෝ කාලයක් තිස්සේ විමර්ශනයට ලක් වූවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46